
සෙල්ෆි ඡායාරූපයකට පෙනීසිටීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිය බිරිඳට අමානුෂික ලෙස පහර දුන් වෛද්‍යවරයෙකු පිළිබඳ ඇමරිකාවෙන් වාර්තා වනවා.
කඳු නැගීමේ චාරිකාවක නිරත වෙමින් සිටියදීයි ඔහු මෙම පහරදීම සිදුකර ඇත්තේ.
එහිදී වෛද්‍යවරයා සිය කෝපය ඉවසාගත නොහැකිව බිරිඳව පඳුරකට තල්ලු කර අසල තිබූ ගලකින් දහ වතාවක් ම පමණ හිසට පහරදුන් බව ඇය පොලීසියට පවසා තිබෙනවා.

පසුව ඇයට ඇවිදීමට නොහැකි තරමට කකුල්වලට ද දැඩි පහරදීම් සිදුකර ඇති බවයි මාධ්‍ය වාර්තා පළවන්නේ.
ඒ අසල සංචාරයේ යෙදී සිටි පුද්ගලයින් දෙදෙනෙකුට උදව් ඉල්ලා කෑගැසීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබෙනවා.

46 හැවිරිදි මෙම වෛද්‍යවරයා මේ වනවිට ප්‍රජා විශෝධන මධ්‍යස්ථානයේ රැඳී සිටින අතර ඔහුට එරෙහිව අධි චෝදනා ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.