
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වෙරළ තීරයන් රැසකට සර්ෆ් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
දකුණු ටස්මාන් මුහුදේ අඩු පීඩන තත්වය මත මුහුද රළුවීම ඊට හේතුව බවයි නිව් සවුත්වේල්ස් බලධාරීන් අනතුරු අඟවන්නේ.
කාලගුණ විද්‍යා කාර්යංශය පවසන්නේ සිඩ්නි නගරයට දකුණින් පිහිටි ජර්විස් බේ සහ මධ්‍යම උතුරු වෙරළ තීරයේ සීල් රොක්ස් අතර අධික වෙරළ ඛාදනයක් සිදුවිය හැකි බවයි.

ඊයේ එම ප්‍රදේශවල මුහුදු වෙරළ මීටර් 6 ක උසකින් වාර්තා වූ බවද බලධාරීන් පවසනවා.
ඒ හේතුවෙන් නිව් සවුත් වෙරළ තීරවල සංචාරය කිරීමෙන් වළකින ලෙසයි ප්‍රාන්ත වෙරළ ආරක්ෂක අංශ ජනතාවට දැනුම්දෙන්නේ.

සර්ෆ් අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත්තේ Sydney, Byron, Coffs, Macquarie, Hunter, Illawarra, Batemans සහ Eden වෙරළ තීරයන් සඳහායි.