
2024 වසර සංක්‍රමණිකයින් සඳහා මාරාන්තික වසරක් බවට සනිටුහන් කර තිබෙනවා.
ඒ පසුගිය වසරේ ලොව පුරා මියගිය සහ අතුරුදන්ව ඇති සංක්‍රමණිකයින් ප්‍රමාණය 9000 කට ආසන්නවීමත් සමගයි.
ඉන් වැඩිදෙනෙක් දියේ ගිලීමෙන් මියගොස් ඇති බවටයි සංක්‍රමණ සංවිධානයේ නවතම සංඛ්‍යා ලේඛන වාර්තාවේ දැක්වෙන්නේ.

එමෙන්ම 2024 ජූලි මාසය වැඩිම මරණ සංඛ්‍යාවක් මෙන්ම අතුරුදන්වූවන් වාර්තා වී ඇති අතර එය පුද්ගලයන් 1,130 ක් බවටයි තහවුරු වී ඇත්තේ.
වැඩිම සංක්‍රමණික මරණ සංඛ්‍යාවක් වාර්තාවන්නේ ආසියාවෙන් වන අතර එය පුද්ගලයින් 2,778 ක්.

මෙම මරණවලට ප්‍රධාන හේතූන් ලෙස සැලකෙන්නේ දියේ ගිලීම්, රිය අනතුරු, නවාතැන් පහසුකම්, ආහාර, ජලය වැනි මූලික අවශ්‍යතා නොමැතිවීම මෙන්ම ප්‍රචණ්ඩකාරී ක්‍රියා ද මීට හේතු වී තිබෙනවා.