
ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වල අලෙවි වූ ජනප්‍රිය ස්මාර්ට් වොච් කිහිපයක් නැවත කැඳවා තිබෙනවා.
අධික ලෙස බැටරිය රත්වී පිළිස්සී යන බවට වාර්තාවීමෙන් අනතුරුවයි මෙම කැඳවීම් නිකුත් කර ඇත්තේ.
Fitbit Sense සහ Fitbit Versa 3 යන ස්මාර්ට් වොච් දෙකම මෙලෙස නැවත කැඳවා තිබෙනවා.
ගැටළුව විසඳීම වෙනුවෙන් නිෂ්පාදනයේ හිමිකරුවන් ඩොලර් 80 ක් පාරිභෝගිකයින්ට ගෙවන බවටයි දැනුම්දී ඇත්තේ.

නව බැට්රි පද්ධතියක් වෙනුවෙන් එම ඔරලෝසු යාවත්කාලීන කිරීමක් සිදුකරන බව එහි නිෂ්පාදන ආයතනය පවසනවා.
ඒ වෙනුවෙන් ඔරලෝසු ආපසු ලබාදීමට අවශ්‍ය නොවන බවයි ඔවුන් පාරිභෝගිකයින්ට දැනුම්දෙන්නේ.

මෙසේ නැවත කැඳවා ඇත්තේ ෆිට්බිට් සෙන්ස් මාදිලි අංකය FB512 සහ ෆිට්බිට් වර්සා 3 මාදිලි අංකය FB511 යන ඔරලෝසුයි.