
වික්ටෝරියා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කොමසාරිස් ධුරයට තමා ඉල්ලුම් නොකරන බව එහි වැඩබලන කොමසාරිස් Rick Nugent තහවුරු කරනවා.
ප්‍රාන්ත පොලිස් දෙපාර්තුමේන්තුවේ හිටපු ප්‍රධාන කොමසාරිස්වරයා වන ෂේන් පැට්න් ධූරයෙන් ඉවත්වීමෙන් පසු එහි වැඩබැලීමටයි Rick Nugent පසුගියදා පත්කෙරුණේ.
දශක 4 කට වැඩි කාලයක් වික්ටෝරියාවේ හදිසි සේවා කළමණාකරණ කොමසාරිස්වරයා ලෙසද ඔහු කටයුතු කළා.

ඒ අනුව ඉදිරි වසර 5 වික්ටෝරියාවේ ප්‍රධාන පොලිස් කොමසාරිස්වරයා ලෙස ක්‍රියාකිරීමට තමාගේ කිසිදු කැමැත්තක් නොමැති බවයි වැඩබලන කොමසාරිස් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.
වික්ටෝරියාව වෙනුවෙන් ශක්තිමත්ව කැපවෙන නිළධාරියෙකු ඉදිරියේදී ප්‍රධාන කොමසාරිස් ධුරය සඳහා පත්වනු ඇති බව Rick Nugent සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

මෙම තීරණය තම ජීවිතයේ ඉතා දුෂ්කර තීරණවලින් එකක් වුවත් වෙනත් අත්‍යවශ්‍ය කාරණා මත ධුරයේ දිගු කලක් රැඳී සිටීමට අපේක්ෂා නොකරන බවයි වික්ටෝරියා වැඩබලන කොමසාරිස් Rick Nugent වැඩිදුරටත් කියාසිටියේ.