Search

මෙල්බර්න් Southbank රිය අනතුරට සම්බන්ධ ට්‍රක් රියදුරා අත්අඩංගුවට

පදිකයන් 05 දෙනෙකුට තුවාල සිදු කරමින් මෙල්බර්න් හි Southbank ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ රිය අනතුරට සම්බන්ධ ට්‍රක් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ.

City Road සහ Power Street අතරදී ඊයේ රාත්‍රී 07 ට පමණ මෙම අනතුර සිදුවූ අතර තුවාල ලැබූවන් අතුරින් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව සඳහන්.

අනතුර සිදුකිරීමෙන් පසු ට්‍රක් රථ රියදුරා පළාගොස් තිබුණා.

අනතුරුව වෙනත් රියදුරෙකු දුන් තොරතුරු මත පොලිසිය විසින් සැකකරු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගත්තා.

Wyndham Vale හි පදිංචි 64 හැවිරිදි සැකකරු මේ වනවිට වික්ටෝරියා පොලිසිය භාරයේ පසුවනවා.

තුවාල ලැබූවන් 20 – 30 හැවිරිදි වියෙහි පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »