
ලබන වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවලංගු කිරීම සම්බන්ධයෙන් වික්ටෝරියා පාර්ලිමේන්තු කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
ඊට අනුව හිටපු ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සහ වර්තමාන ප්‍රාන්ත අගමැතිනි ජසින්ටා ඇලන් යන දෙපාර්ශවයම වගකිව යුතු බවටයි චෝදනා එල්ල කර ඇත්තේ.
ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් හදිසියේ ඉවත්වීම හරහා සිදුවූ ඩොලර් මිලියන ගණනක පාඩුව ප්‍රාන්තයේ බදු ගෙවන ජනතාව වෙත දැරීමට සිදුවූ බවටයි මෙම වාර්තාවෙන් අනාවරණය වන්නේ.

මෙම ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඩොලර් බිලියන 02 ක පිරිවැයක් දැරීමට සිදුවන බව පවසමිනුයි එවක පැවති ඩැනියල් ඇන්ඩෲස් රජය විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් ඉවත් වූයේ.
ඒ අනුව එය ලබන වසරේදී ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වීමට නියමිතයි.
