Search

ඔස්ට්‍රේලියාවේදී ණයක් ගන්න අපහසුම ක්ෂේත්‍ර හෙළිවෙයි

ඔස්ට්‍රේලියාව තුළදී නිවාස ණයක් ලබා ගැනීමට අපහසුම රැකියා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් නවතම අනාවරණයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව වැඩිම දුෂ්කරතාවයට ලක්වන්නේ නිදහස් වෘත්තීන්වල (Freelancers) නිරත වන පිරිසයි.

ආහාර බෙදාහරින සේවකයන් (Deliver Riders) – සංචාරක කර්මාන්තයේ නිරත වන්නන් සහ කලාකරුවන් පිළිවෙලින් මෙහි දෙවන, තුන්වන සහ හතරවන ස්ථානවලට පත්ව තිබෙනවා.

නිර්මාණශීලී රචකයන් – සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ ස්වයං රැකියාවල නිරත වන්නන් එහි පස්වන, හයවන සහ හත්වන ස්ථානවල රැදී සිටින බවයි දැක්වෙන්නේ.

ව්‍යවසායකයන් අටවන ස්ථානයටත් Online ව්‍යාපාරවල නිරතවන්නන් නව වන ස්ථානයටත් පුද්ගලික සේවා සපයන්නන් දස වන ස්ථානයටත් නම් කර තිබෙනවා.

මෙම ක්ෂේත්‍රවල පවතින අස්ථිරභාවය මෙලෙස පුද්ගලික ණයක් ලබා ගැනීමට අසීරු වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »