
නිවාස අර්බුදයක් පැවතියද වික්ටෝරියාවේ ජනගහණය ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බවට නවතම වාර්තාවක් අනාවැකි පළ කරනවා.
ෆෙඩරල් රජය විසින් වික්ටෝරියාවේ නිවාස අර්බුදය විසදීමට ඩොලර් බිලියන 15 කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් වෙන්කර ඇති පසුබිමකදීයි මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ.
ඔස්ට්‍රේලියාවේ වැඩිම ණය සහිත ප්‍රාන්තය බවටද වික්ටෝරියාව පසුගියදා පත්වුණා.

කෙසේවෙතත් එහි ඇති උසස් ජීවන තත්වය හමුවේ විශාල පිරිසක් ස්ථිර පදිංචිය සදහා මෙල්බන් ඇතුලු වික්ටෝරියා නගර වෙත යොමුවන ආකාරයකුයි දක්නට ලැබෙන්නේ.
එබැවින් විවිධ බදුවලට යටත් වුවද වික්ටෝරියා ප්‍රාන්තයේ වාසයට බොහෝ පිරිසක් කැමැත්තෙන් පසුවන බව මෙම වාර්තාව ඔස්සේ පෙන්වා දී තිබෙනවා.
