Search

අමුතු ඔන්ලයින් Game එකක් හැදූ වික්ටෝරියානුවෙකුට වසර 11 ක සිර දඩුවම්

කුඩා ළමුන් බරපතල ලිංගික අපයෝජනයන්ට ලක් කෙරෙන දසුන් ඇතුළත් ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කල වික්ටෝරියානුවෙකුට වසර 11 ක සිර දඩුවම් නියම කර තිබෙනවා.

32 හැවිරිදි මොහු සිතාමතා මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි වික්ටෝරියා අධිකරණයක් හමුවේ අනාවරණය වූයේ.

කිසියම් අයුරකින් වීඩියෝ ක්‍රීඩාවේ නිරත වන්නන් ළමා අපයෝජන දසුන් ඇතුළත් අධියර ක්‍රීඩා කිරීමට අකමැත්තක් පළකලහොත් ඔවුන් පරාජයවූවන් බවට පත්වන අයුරිනුයි මෙම ක්‍රීඩාව සකස් කර ඇත්තේ.

කෙසේවෙතත් මෙම ඔන්ලයින් ක්‍රීඩාව මිලියන සංඛ්‍යාත පිරිසක් බාගත කරගෙන තිබූ අතර චූදිතයා විසින් උපයා තිබූ ආදායම ඩොලර් මිලියනය ඉක්මවා ගොස් තිබූ බව සඳහන්.

මොහු සිදුකර ඇති ක්‍රියාවේ බරපතලකම හමුවේ ඇප අයදුම් කිරීමට හැකි වන්නේද වසර 08 ක් ගතවීමෙන් අනතුරුවයි.