
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අපරාධ ලැයිස්තුවට තවත් අපරාධ කිහිපයක් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ස්ත්‍රී දූෂණ – මංකොල්ලකෑම් – පහරදීම් ඇතුලු වැරදි 05 ක් බරපතල අපරාධ ඝණයට යටත් කිරීමටයි ප්‍රාන්ත පාර්ලිමේන්තුව පියවර ගෙන ඇත්තේ.
මීට අමතරව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය – අලුත උපන් බිළිඳුන් ඝාතනය ඇතුලු තවත් වැරදි 15 ක් සඳහා ජීවිතාන්ත සිර දඩුවම් නියම කිරීමටද ක්වීන්ස්ලන්ඩ් පාර්ලිමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා.

ප්‍රාන්ත අගමැති ඩේවිඩ් ක්‍රිසෆුලි මැතිවරණයට පෙර අවධාරණය කලේ අපරාධ අවම කිරීමට නොහැකි වුවහොත් පළමු ධුර කාලය තුළදීම ඉල්ලා අස්වන බවයි.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය ආරක්ෂාකාරී ස්ථානයක් බවට පත්කිරීම මෙහි මූලික අරමුණ බවයි ඔහු අවධාරණය කරන්නේ.
