
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය වෙත බලපෑ ජල ගැලීම් හේතුවෙන් ගොවිපොළවල සිටි සතුන් 100,000 ක් පමණ මියගොස් හෝ අතුරුදන් ව ඇති බවට වාර්තා පළ වනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ප්‍රාථමික කර්මාන්ත දෙපාර්තුමේන්තු වාර්තාවට අනුව ජල ගැලීමට පෙර ජීවතුන් අතර සිටි ඌරන්, කුකුළන්, බැටළුවන්, ගවයන් සහ එළුවන් 105,348 දෙනෙකු පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැහැ.
ප්‍රාන්තයට බලපෑ ජල ගැලීම් හමුවේ කිලෝමීටර් 4,076 ක මාර්ගවලට සහ කිලෝමීටර් 3,183 ක බැමි විනාශයට ලක්වුණා.

මෙහිදී වැඩිම බලපෑම එල්ල වී තිබුණේ ක්වීන්ස්ලන්ඩ් හි බටහිර ප්‍රදේශයටයි.
එහිදී සිදුවූ හානිය ඩොලර් මිලියන ගණනක් වනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ.

මේ අතර මෙම සතිය අවසානයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපෑ හැකි ඩයන් සුළි කුණාටුව හේතුවෙන් මිලිමීටර් 50 ක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවටද වාර්තා වනවා.