Search

Just In : අප්‍රේල් මාසයේදී Cash Rate අගය ස්ථාවර මට්ටමක

අප්‍රේල් මාසය සඳහා ඔස්ට්‍රේලියාවේ Cash Rate අගය නොවෙනස්ව පවත්වාගෙන යාමට ෆෙඩරල් සංචිත බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව දැනට පවතින සියයට 4.1 ක අගයෙහිම මෙම මාසය තුළදී එය පවතිනු ඇති.

මේ අනුව ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන මැයි 03 වනදාට පෙර නැවත වරක් Cash Rate අගය කිසිදු ආකාරයකින් වෙනසකට ලක් වන්නේ නැහැ.

ෆෙඩරල් සංචිත බැංකුවේ මීළඟ විධායක මණ්ඩල රැස්වීම පැවැත්වෙන්නේ අප්‍රේල් 30 වනදායි.

එදිනට, උද්ධමනය පිළිබඳ සංඛ්‍යාලේඛන වාර්තාවක් පමණක් නිකුත් කෙරෙනු ඇති බවටයි ආර්ථික විශ්ලේෂකයන් අනාවැකි පළ කරන්නේ.