
මාංශ ඇතුලු ඔස්ට්‍රේලියානු නිෂ්පාදන සදහා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති තීරු බදු සඳහා අගමැති ඇන්තනී ඇල්බනීස් දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා.
ගව මස්, කුකුළු මස් සහ ඌරු මස් වැනි ජනප්‍රිය ඔස්ට්‍රේලියානු නිෂ්පාදන සඳහා එමගින් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.
අමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම තීරණය අදූරදර්ශී එකක් බවටද අගමැති ඇල්බනීස් චෝදනා කරනවා.

මෙමගින්, ඔස්ට්‍රේලියානු කර්මාන්ත කඩාවැටීම වැළැක්වීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවටයි ඔහු සහතික වන්නේ.
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරුබදු හේතුවෙන් මේ වනවිටත් ඔස්ට්‍රේලියාවේ ඇලුමිනියම් සහ වානේ කර්මාන්ත සඳහාද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
