
සෑම දුම්වැටියකම පිළිකා අනතුරු ඇඟවීම් මුද්‍රණය කරන ලොව දෙවන රට බවට ඔස්ට්‍රේලියාව පත්ව තිබෙනවා.
මීට පෙර කැනඩාව එම පියවර ගෙන තිබෙන බවයි දැක්වෙන්නේ.
අද (01) සිට මෙම නව නීති සංශෝධනය ක්‍රියාත්මක වනු ඇති.

මෙම නව නීති පසුගිය වර්ෂයේදී ප්‍රකාශයට පත් කර තිබුණා.
අදාළ නීති සංශෝධනය වෙනුවෙන් පිළිකා කවුන්සිලය සහ Quit යන ආයතනයන්ගේ සහයෝගය ද හිමිව තිබෙනවා.

ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කෙරෙන සෑම දුම්වැටියකම මෙම අනතුරු ඇඟවීම් සම්බන්ධ ලේබලයක් අන්තර්ගත වන බවයි දැක්වෙන්නේ.
ඊට අමතරව දුම්වැටි පැකට්ටුවල සියයට 90 ක් පමණ ආවරණය වන පරිදි සෞඛ්‍ය අනතුරු ඇඟවීම් පිළිබඳ දැන්වීම් මුද්‍රණය කර තිබෙනවා.
දුම්පානය නැවැත්වීම උදෙසා ජනතාවට සහය වීම වෙනුවෙන් දුම්වැටි පැකට්ටුව තුළට අත් පත්‍රිකාවක් දැමීමටද මෙහිදී සැලසුම් කර තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අදියර කිහිපයක් යටතේ දුම්වැටිවල අන්තර්ගත මෙතනෝල් ද අද සිට තහනම් වනු ඇති.
සෞඛ්‍ය අංශ අවධාරණය කළේ මෙය ඔස්ට්‍රේලියානුවන්ගේ දුම් පානය අවම කිරීම වෙනුවෙන් ෆෙඩරල් රජය සිදුකරන කාලෝචිත පියවරක් වන බවයි.