
රට තුළ නිවාස මිල ගණන් මාර්තු මාසයේදී වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.
CoreLogic හි ජාතික නිවාස වටිනාකම් දර්ශකය ඔස්සේ පෙන්වා දී ඇත්තේ මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාවේ දේපළ මිල ගණන් සියයට 0.4 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
පසුගිය මාස තුනක කාලසීමාව තුළ නිවාස මිල සියයට 0.5 කින් පමණ පහත වැටුණ ද මාර්තු මාසයේදී නැවත වරක් එම මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

හෝබාර්ට් හැර අනෙකුත් ප්‍රාන්ත අග නගරවල නිවාස මිල කැපීපෙනෙන ලෙස වර්ධනය වී තිබෙන බවයි මෙම දර්ශකය ඔස්සේ පෙන්වා දෙන්නේ.
ඩාවින් හි දේපළ මිල සියයට 1 කින් පමණ ඉහළ ගොස් තිබුණු අතර හෝබාර්ට් හි දේපළ මිල ගණන් සියයට 0.4 කින් පහත වැටී ඇති බව ද සදහන් වනවා.

කෙසේවෙතත් සිඩ්නි සහ මෙල්බන් නිවාස මිල තවමත් උපරිම මිල ගණන් ඉහළ යෑමේ සීමාවට ළඟා වී නැහැ.
මේ අතර 2020 වර්ෂයේ මාර්තු මාසයේ සිට පර්ත් හි දේපළ මිල ගණන් වාර්තාගත අන්දමින් ඉහළ ගොස් තිබෙනවා.
අදාළ කාලසීමාව ප්‍රාන්ත අගනරවල කුලී නිවාස මිල ගණන්වල ද ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙන බවයි මෙම වාර්තාව ඔස්සේ වැඩිදුරටත් පෙන්නුම් කෙරෙන්නේ.