
ඔස්ට්‍රේලියාව පුරා විදුහල්පතිවරුන් සේවයෙන් ඉවත් වීමේ ප්‍රවණතාවයක් හටගෙන තිබෙනවා.
එල්ලවන තර්ජන – පහරදීම් සහ සයිබර් හිංසන ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි පැවසෙන්නේ.
මෑතකදී සිදුකර ඇති සමීක්ෂණයකට අනුව විදුහල්පතිවරුන්ගෙන් සියයට 53.2 ක් පවසා ඇත්තේ මෙම වසර අවසන් වීමට පෙර තමන් සේවයෙන් ඉවත්වන බවයි.

විශේෂයෙන් අධික රාජකාරි මධ්‍යයේ තමන් සේවා ඉටුකරන විට දෙමව්පියන්ගෙන් තර්ජන එල්ල වීම කිසිදු ආකාරයකින් අනුමත කළ නොහැකි බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.
යම් හෙයකින් විදුහල්පතිවරුන් විශාල පිරිසක් එකවර සේවයෙන් ඉවත් වුවහොත් ඔස්ට්‍රේලියාවේ සමස්ත අධ්‍යාපන පද්ධතියම දැඩි කඩාවැටීමකට ලක්වනු ඇති බවටද විශේෂඥයින් අනාවැකි පළ කරනවා.
