
අවම වැටුප් ලබන සේවකයන් හේතුවෙන් ලාභ අඩුවී ඇති බවට ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාල දෙකක් වන Coles සහ Woolworths කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් චෝදනා එල්ල වනවා.
අධික සේවක වැටුප් හේතුවෙන් සිය ශුද්ධ ලාභය අඩු වී ඇති බවට එම වෙළඳසැල් ජාල දෙකම පසුගියදා ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව අවම සේවක වැටුප් ලබන පිරිස කපා හැරීමටද ඔවුන් විසින් කටයුතු කරමින් සිටින බවටයි වාර්තා පළ වන්නේ.

කෙසේවෙතත් අවම වැටුප් ලබන සේවකයන් විසින් වසරකට උපයනු ලබන්නේ ඩොලර් 48,000 ත් 49,000 ත් අතර මුදලක් පමණක් බැවින් එය සෙසු ක්ෂේත්‍රවලට වඩා සාපේක්ෂව අඩු අගයක් බවටයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
Coles සහ Woolworths ඇතුලු සුපිරි වෙළඳසැල් ජාල අයුතු ලාභ ලබමින් සේවකයන්ට නිසි අයිතිවාසිකම් නොදන බවටද වෘත්තීය සමිති චෝදනා කරනවා.
