Search

ඔස්ට්‍රේලියානුවන්ගේ මාසික Streaming ගාස්තු කැපීපෙනන ලෙස ඉහළට

ඔස්ට්‍රේලියානුවන් භාවිත කරන Streaming සේවා සම්බන්ධ නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එවැනි සේවා අවම වශයෙන් 02 ක් හෝ භාවිත කරන ඔස්ට්‍රේලියානුවන් විසින් මාසයකට ඩොලර් 130 ක පමණ මුදලක් වැය කරන බවටයි අනාවරණය වී ඇත්තේ.

අවම වශයෙන් එක් Streaming සේවාවක් හෝ භාවිත කරන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සියයට 70 ක් පමණ වනවා.

පසුගිය වසර 05 තුළදී Streaming සේවා සඳහා ලියාපදිංචි වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීමද විශේෂත්වයක්.

කෙසේවෙත්ත 2020 වර්ෂයේදී නෙට්ෆික්ල්ස් සදහා පැවති සාමාන්‍ය මාසික ගාස්තුව ඩොලර් 14 ක් පමණ වු අතර මේ වනවිට එය ඩොලර් 19 දක්වා ඉහළ ගොස් තිබෙනවා.