Search

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය රක්ෂණ ගාස්තු අද සිට ඉහළට

ඔස්ට්‍රේලියාව තුළ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික මිල ගණන් අද සිට ඉහළ යාමට නියමිතයි.

වසර 07 කට පසු වාර්තා කෙරෙන විශාලතම රක්ෂණ වාරික ගාස්තු ඉහළ යාමද මෙය වනු ඇති.

ඒ අනුව සියයට 3.73 කින් රක්ෂණ වාරික ගාස්තු වැඩිවන අතර පවතින ජීවන වියදම් අර්බුදය හමුවේ මෙය ඔස්ට්‍රේලියානුවන්ට අමතර පීඩනයක් වනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ.

මේ අතර රට තුළ රක්ෂණ වාරික මිල ඉහළ යෑම හේතුවෙන් මෙම වසරේදී ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් තම පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ අවලංගු කිරීමේ සූදානමකින් පසුවන බවට අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව පුරා දැනට මිලියන 15 කට ආසන්න පිරිසක් කුමන හෝ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.