
උසස් අධ්‍යාපනය සඳහා ලොව හොඳම නගර අතරට ඔස්ට්‍රේලියාවේ නගර දෙකක් ද තේරී පත්වී තිබෙනවා.
ඒ නවතම QS ලෝක විශ්වවිද්‍යාල දර්ශකයට අනුවයි.
මෙම ශ්‍රේණිගත කිරීමේදී හතරවන ස්ථානයට මෙල්බන් නගරයත් හත්වන ස්ථානයට සිඩ්නි නගරයත් තේරී පත්වී තිබෙනවා.

මෙම දර්ශකයට අනුව පළමු ස්ථානය දිනාගෙන ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරයි.
ජපානයේ ටෝකියෝ නගරය දෙවන ස්ථානයටත් දකුණු කොරියාවේ සෝල් අගනුවර තුන්වන ස්ථානයටත් පත්ව තිබෙනවා.

පස්වන ස්ථානයට පත්ව ඇත්තේ ජර්මනීයේ මියුනික් නුවරයි.
ප්‍රංශයේ පැරිස් අගනුවර 06 වන ස්ථානයටත් ජර්මනීයේ බර්ලින් සහ ස්විට්සර්ලන්තයේ සූරික් නුවර සම අට වන ස්ථානයටත් පත්ව තිබෙනවා.
මෙම දර්ශකයට අනුව දස වන ස්ථානයට පත්වී ඇත්තේ අමෙරිකාවේ බොස්ටන් නගරයයි.