Search

ඔස්ට්‍රේලියාවෙන් ගාසා තීරයට තවත් $ මිලියන 11 ක්

ගාසා තීරයේ සිවිල් වැසියන් සඳහා ඩොලර් මිලියන 11 ක අමතර මානුෂීය ආධාර සැපයීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

සටන් විරාමය මධ්‍යයේ ඊශ්‍රායලය විසින් සිදුකරන බෝම්බ පතිත කිරීම් හමුවේ පීඩාවට පත්ව සිටින්නන් සඳහායි මෙම මානුෂීය ආධාර සැපයෙනු ලබන්නේ.

සෞඛ්‍ය ආධාර, ආහාර සහ ජලය මූලික වශයෙන් මෙලෙස පිටත් කර යැවීමට නියමිතයි.

නිල නොවන වාර්තා අනුව ගාසා තීරයේ දැනට සිරවී සිටින සිවිල් වැසියන් සංඛ්‍යාව මිලියන 02 කට අධිකයි.

2023 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියාව විසින් ගාසා තීරයට ලබාදී ඇති මානුෂීය ආධාරවල වටිනාකම ඩොලර් මිලියන 125 ඉක්මවා ගොස් තිබෙනවා.