
2025 – 2027 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය ශම්මි සිල්වා නැවත වරක් තේරී පත්ව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් 64 වන වාර්ෂික මහ සභා රැස්වීමේදී ඔහු නැවත වරක් නිතරගයෙන් තේරී පත්වූ බවයි වාර්තා වන්නේ.
ක්‍රිකට් ආයතනයේ මැතිවරණ කමිටුව විසින් මේ පිළිබඳව තහවුරු කිරීමක් ද සිදු කර තිබෙනවා.

අඛණ්ඩව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය හිමි වූ හතරවන අවස්ථාව මෙයයි.