
අලුත උපන් බිළිඳුන් සදහා නොමිලයේ RSV එන්නත්කරණ වැඩසටහනක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් මස අවසානය දක්වා මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති.
මෙම වෛරසය බලපෑම් හේතුවෙන් වයස අවුරුදු 02 දක්වා වයස් කාණ්ඩවල පසුවන ඔස්ට්‍රේලියානු දරුවන් වැඩි වශයෙන් රෝහල්ගත කරන බවයි දැක්වෙන්නේ.

මෙම වෛරසයේ හේතුවෙන් ළදරුවන්ට ශ්වසන ආබාධ ඇති වීමේ අවදානමක් පවතිනවා.
දැනට අට මස් වියැති හෝ ඊට වඩා අඩු වයසක සිටින බිළිඳුන්ට ද මෙම වැඩසටහන යටතේ එන්නත් ලබා ගැනීමට අවස්ථාව උදාවනු ඇති.
