Search

ක්වීන්ස්ලන්ඩ් වෙත හමුදා ආධාර යැවීමට පියවර

ෆෙඩරල් රජය විසින් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය වෙත හමුදා ආධාර යැවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ප්‍රාන්තයේ නිරිතදිග ප්‍රදේශ තුළ උද්ගත වී ඇති හදිසි ගංවතුර තත්වය සැළකිල්ලට ගනිමින් බවයි වාර්තා වන්නේ.

උද්ගත වී ඇති හදිසි ආපදා තත්වය හමුවේ ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යමින් පවතිනවා.

එම කලාපය තුළ ගවයන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ද බැටළුවන් මිලියනකට ආසන්න ප්‍රමාණයක් ද සිටින අතර හදිසි ආපදා තත්වය හමුවේ එම සතුන් විශාල අවදානමකට ලක්ව සිටින බවයි දැක්වෙන්නේ.

ෆෙඩරල් රජය සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය ඒකබද්ධව ආපදා සහන ලබාදීමටද සැලසුම් කර තිබෙන බවද වැඩිදුරටත් සඳහන්.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »