
superannuation මූල්‍ය ආයතනයේ මරණ ප්‍රතිලාභ හිමිකම් පිළිබඳ වාර්තාව අද නිකුත් කර තිබෙනවා.
දහස් ගණනකට මරණ ප්‍රතිලාභ ගෙවීමට අපොහොසත්වීමේ චෝදනාව මත ඔස්ට්‍රේලියාවේ superannuation මූල්‍ය ආයතනයට එරෙහිව පසුගියදා නඩු පැවරුණා.
ඒ අනුව ඔස්ට්‍රේලියානු සුරකුම්පත් හා ආයෝජන කොමිසම් සභාව, ඔස්ට්‍රේලියානු විශ්‍රාම භාරය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්‍රාම නීතිගත සංස්ථාව ඇතුළු ආයතන 10 ක් එක්ව විමර්ෂණයක් සිදුකරනු ලැබුවා.

එහිදී අනාවරණය වී ඇත්තේ superannuation මූල්‍ය ආයතනය මරණ ප්‍රතිලාභ 78% ක ප්‍රමාදයක් සිදුකර ඇති බවයි.
2024 මාර්තු 31 දක්වා වසර දෙකක් තුළ මරණ ප්‍රතිලාභ ලබාදීම් පිළිබඳවයි මෙහිදී සොයාබැලුණේ.

එහිදී අනාවරණය වී ඇත්තේ superannuation මූල්‍ය ආයතන පාලන පද්ධතියේ ඇති වූ ගැටලු මත මෙය සිදුව ඇති බවයි.
ප්‍රමාදයන් වලින් සියයට 27 ක්ම දුර්වල පාරිභෝගික සම්බන්ධීකරණය මත සිදුවූවක් බවයි ඔස්ට්‍රේලියානු සුරකුම්පත් හා ආයෝජන කොමිසම් සභාව පවසන්නේ.
ඒ අතර පාරිභෝගිකයින් සමග අත්‍යවශ්‍ය නොවන තොරතුරු විමසීම් ද ඇතුලත් වනවා.