
ඔස්ට්‍රේලියා ෆුට්බෝල් ලීග් හි රිච්මන්ඩ් සහ කොලින්වුඩ් හි ජනප්‍රිය ක්‍රීඩක Andrew Krakouer අද මියගොස් තිබෙනවා.
මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 42 ක්.
Krakouer පර්ත් හිදී හෘදයාබාධයකින් මියගිය බවයි ඔහුගේ ඥාතීන් පවසන්නේ.

ඔහු තරඟ 137 කදී ගෝල 152 ක් ලබාගැනීමට හැකිවූ දක්ෂ ක්‍රීඩකයෙකු වන අතර 2011 වසරේ ඔස්ට්‍රේලියාවේ සලකුණ ලෙස ද පත්වෙමින් රසික ආදරය දිනාගැනීමට සමත්වුණා.
ඔහුගේ හිටපු පුහුණුකරු Nathan Buckley සිය මරණය පිළිබඳ කණගාටුවන අතර ඔහු පවසා ඇත්තේ Krakouer සිය වෘත්තීය ජීවිතය තුළ සැබෑ ධෛර්යයෙන් කටයුතු කළ බවයි.

පසුගිය කාලයේ AFL හිටපු ක්‍රීඩක Andrew Krakouer පහරදීමේ චෝදනාවක් මත වසරක් පමණ සිරගතව සිටි බවද වාර්තා වනවා.