
කළු පාටින් යුත් බෝල හැඩැති ද්‍රව්‍යයක් සිඩ්නි වෙරළෙන් හමුවී තිබෙනවා.
මේ හේතුවෙන් සිඩ්නි හි වෙරළ තීරයන් 17 ක් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
එම බෝලවල තිබී අධික ලෙස බෝවීම ව්‍යාප්ත වන බැක්ටීරියා අඩංගු බවට තහවුරු වී ඇතැයි ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ කියාසිටියා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට සිඩ්නි හි Coogee, Gordon’s Bay, Clovelly, Bondi, Bronte, Tamarama සහ Maroubra වෙරළ තීරයන් හි මෙම විෂ කලු බෝල පිළිබඳ වාර්තා වී තිබෙනවා.
නමුත් මේවා පර්යේෂණ මට්ටමේ පැවති බැවින් මේ පිළිබඳ ජනතාව කලින් දැනුවත් කිරීමට අපොහොසත් වූ බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

මේ වනවිට තහවුරු කරගෙන ඇත්තේ මෙම කළු බෝලවලින් පාචනය, මෙනින්ජයිටිස් සහ ආමාශ මෙන්ම මුත්‍රා ආසාදන ද ඇති විය හැකි බවයි.
මේ පිළිබඳ පරීක්ෂණ අඛන්ඩව සිදුවෙමින් පවතින අතර ඒවා ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසයි EPA මහජනතාවට දැනුම්දෙන්නේ.