Search

මෙල්බන් ජනගහනයේ විශාල වර්ධනයක් – හේතුව මෙන්න

2024 ජූනි මාසයෙන් අවසන් වූ වසර තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය 430,000 කින් පමණ වැඩි වී ඇතැයි සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යංශය විසිනුයි සමීක්ෂණය සිදුකර ඇත්තේ.

ඉන් විදේශීය සංක්‍රමණ වැඩිවීම කැපීපෙනෙන අතර එය 370,000 ක් බවයි වාර්තා වන්නේ.

ස්වභාවික උපත් වර්ධනය 89,500 ක් වන අතර අභ්‍යන්තර සංක්‍රමණිකයින්ගේ වැඩිවීම 34,600 ක්.

ඉන් විශාලතම වර්ධනයක් සිදුව ඇත්තේ මෙල්බන් නගරයේවීම ද විශේෂත්වයක් වනවා.

එය සියයට 3.1 ක වැඩිවීමක් වන අතර එය 142,600 ක ඉහළයාමක් බව සංඛ්‍යා ලේඛන වාර්තාවේ සඳහන්.

දෙවැන්නට ජනගහනය ඉහළගොස් ඇත්තේ සිඩ්නි අගනගරයේ වන අතර එය 107,500 වනවා.

පර්ත් සහ බ්‍රිස්බන් නගරවල ජනගහනය 73,000 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »