
ලොව එක් එක් රටවල ජනගහණයට සාපේක්ෂව දුම්වැටි පානය කරන පිරිමි පුද්ගලයන්ගේ ප්‍රතිශතය පිළිබඳ ශ්‍රේණිගත කිරීමක් සිදුකර තිබෙනවා.
එය සිදුකර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත මත පදනම්ව බවයි දැක්වෙන්නේ.
මෙම ශ්‍රේණිගත කිරීමට අනුව අනාවරණය වී ඇත්තේ ඔස්ට්‍රේලියානු පිරිමින්ගෙන් සියයට 18.7 ක් දුම්වැටි භාවිත කරන බවයි.

මේ අතර ශ්‍රී ලංකා පිරිමි ජනගහනයෙන් සියයට 43.2 ක් දුම්වැටි පානය කරන බවයි මෙහිදී හදුනාගෙන ඇත්තේ.
ඉන්දුනීසියානු පුරුෂයන්ගෙන් සියයට 70.5 ක් තරම් විශාල ජනගහණයක් දුම්වැටි භාවිත කරන බවද මේ ඔස්සේ පෙන්වා දී තිබෙනවා.

ඊට අමතරව මියන්මාර සහ බංග්ලාදේශ පිරිමි ජනගහණයෙන් සියයට 70.2 ක් සහ සියයට 60.6 ක් දුම්වැටි පානය කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.