Search

තවත් ලාංකිකයන් දෙදෙනෙකු මෙල්බන් හීදී ලක්මව රනින් සරසයි

2025 ආසියානු පැසිෆික් සවි එසවීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් දෙකක් ලැබී තිබෙනවා.

විකුම් පෙරේරා සහ මිනුර කන්නංගර විසිනුයි මෙම ජයග්‍රහණයන් අත් කරගෙන ඇත්තේ.

ඒ අනුව විකුම් පෙරේරා විසින් කිලෝග්‍රෑම් 105 බර පන්තියෙන් රන් පදක්කම දිනාගෙන තිබෙනවා.

මිනුර කන්නංගර විසින් දිනාගෙන ඇත්තේ කිලෝග්‍රෑම් 94 බර පන්තියේ රන් පදක්කමයි.

2025 ආසියානු පැසිෆික් සවි එසවීමේ ශූරතාවලියේ මේ දිනවල පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදීයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදුණු රන්සිළු ජයතිලක ද ඊයේ (29) දිනයේදී කිලෝග්‍රෑම් 120 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.