
පලස්තීන හිතවාදී සංවිධානයක් විසින් සංක්‍රමණ අමාත්‍ය ටෝනි බර්ක් වෙත තර්ජනයක් එල්ල කර තිබෙනවා.
ෆෙඩරල් මැතිවරණය ප්‍රකාශයට පත්කර දින 04 ක් ගතවීමට පෙර මෙම තර්ජනය එල්ල වීමද විශේෂත්වයක්.
මෙම සිදුවීමත් සමඟ ඇතිවූ ආරක්ෂක ගැටලු හමුවේ බටහිර සිඩ්නි ප්‍රදේශයේ කලින් සැලසුම් කළ ඉස්ලාමීය යාඥාවකට සහභාගී වීමේ සැලසුමද අත්හැර දැමීමට සංක්‍රමණ අමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා.

එම ස්ථානය ඉදිරිපිට පලස්තීන හිතවාදීන් විශාල පිරිසක් එක්රැස්ව සිටීම ඊට හේතුවයි.
මේ අතර අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් විසින් දේශපාලඥයින් වෙත අනතුරු අඟවා ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව ද තරකර ගන්නා ලෙසටයි.

ඔස්ට්‍රේලියාව දැඩි පලස්තීන විරෝධී ප්‍රතිපත්තියක පසුවීම ඊට හේතු වී තිබෙනවා.