Search

සොරකම් කළ මෝටර් රථයෙන්ම අවසන් ගමන් ගිය මෙල්බන් තරුණයින් දෙදෙනා

මෙල්බන් හි Roeville ප්‍රදේශයේ Kellets මාර්ගයේදී මෝටර් රථයක් ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වික්ටෝරියා පොලිසීය සදහන් කළේ මෙම අනතුර පිළිබඳව අද (30) අලුයම 2.35 ට පමණ දැනුම්දීමක් සිදුකර ඇති බවයි.

මෙලෙස අනතුරට ලක්වූ මෝටර් රථය සොරකම් කරන ලද එකක් බවටයි අනාවරණය වී ඇත්තේ.

Knoxfied ප්‍රදේශයේ නිවසකින් මෙම මෝටර් රථය සහ තවත් මෝටර් රථයක් සොරා ගෙන තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණයන් දෙදෙනාගේ අනන්‍යතාවය මෙතෙක් නිශ්චිතව තහවුරු කරගෙන නැහැ.

මෙම අනතුරට සොරකම් කරන ලද දෙවන මෝටර් රථයේ සම්බන්ධයක් පවතිනවාද යන වග පොලිසිය විමර්ශනය කෙරෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් CrimeStoppers වෙත දැනුම් දෙන ලෙසයි වික්ටෝරියා පොලිසිය දැනුම් දී ඇත්තේ.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »