
මධ්‍යම මියන්මාරයේ පෙරේදා (28) දිනයේදී ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1,644 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම භූ කම්පනයෙන් පුද්ගලයින් 3,400 දෙනෙකු පමණ මේ වනවිට තුවාල ලබා ඇති බවයි.
මියන්මාරයේ පැරණි අගනගරයක් වූ මැන්ඩලේ ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයක් පෙරේදා දහවල් ඇතිවුණා.

එම භූ කම්පනයෙන් මිනිත්තු කිහිපයකට පසු රික්ටර් මාපක අගය 6.4 ක ප්‍රබලත්වයකින් යුත් පසු කම්පන ද වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මෙම භූ කම්පනවල ප්‍රබලත්වය අසල්වැසි තායිලන්තයේ බැංකොක් නුවරට ද දැනී තිබෙනවා.

ඒ හේතුවෙන් මියන්මාරයේ මෙන්ම බැංකොක් නුවර ගොඩනැගිලි කිහිපයකට ද දැඩි අලාභ හානි සිදුවුණා.
විශාල පිරිසක් සුන්බුන් අතර තවමත් සිරවී සිටින බවයි සහන සේවා කණ්ඩායම් පවසන්නේ.
එබැවින් මෙම භූමිකම්පාවේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීන් අනතුරු අඟවනවා.