Search

භාණ්ඩ මිල ඉහළ දමන ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වලට ඉදිරියේදී වෙන්න යන දේ

සුපිරි වෙළඳසැල් විසින් සිදු කරන භාණ්ඩ මිල ගණන් ඉහළ දැමීමට එරෙහිව දැඩි නීති ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවට අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් අද (30) ප්‍රකාශ කර තිබෙනවා.

ඒ කැන්බරා හීදී පැවති සිය මැතිවරණ ප්‍රචාරණ වැඩසටහනක් අතරතුරදීයි.

ඉහළ යන සිල්ලර භාණ්ඩ මිල ගණන් පාලනය කිරීම සදහා ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම (ACCC) ලබාදී ඇති නිර්දේශ ද තම රජයක් යටතේ ඉදිරියේදී බලාත්මක කරන බවයි අගමැතිවරයා සඳහන් කර ඇත්තේ.

අප්‍රේල් මස 01 වනදා සිට ආහාර සහ සිල්ලර භාණ්ඩ නීති සංග්‍රහය (Food & Grocery Code Mandatory) අනිවාර්ය කිරීමටද නියමිතයි.

ඒ අනුව එම නීති කඩ කරන සුපිරි වෙළඳසැල්වලට එරෙහිව දැඩි දඩුවම් හිමිවනු ඇති.

මීට පෙරද සුපිරි වෙළඳසැල් විසින් සිදුකරන භාණ්ඩ මිල ඉහළ දැමීම කෙරෙහි පාර්ශව රැසකගේ විශේෂ අවධානය යොමුව තිබුණා.

මෙම නව නීති නිසි පරිදි බලාත්මක වුවහොත් සුපිරි වෙළඳසැල්වල ඉහළ යන භාණ්ඩ මිල ගණන් පාලනය කිරීමටද අවකාශය හිමි වනවා.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »