
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය වෙත බලපා ඇති ගංවතුර තත්වය අවදානම් සහගත මට්ටමකට පැමිණෙමින් පවතිනවා.
ඒ හේතුවෙන් ප්‍රාන්තයෙන් ඔබ්බට වන්නට පිහිටි ප්‍රදේශ රැසක පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශවලට මේ වනවිට වාර්තාගත වර්ෂාපතනයක් ඇද හැලෙන අතර එම වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

ගෙවුණු පැය 24 ක කාලසීමාව තුළ Wide Bay ප්‍රදේශය වෙත පමණක් මිලිමීටර් 300 ක වර්ෂාපතනයක් සිදුවී ඇති බවයි දැක්වෙන්නේ.
අද (30) දිනයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අභ්‍යන්තර ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් ඇති විය හැකි බවට අනුමාන කෙරෙනවා.

වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් ගංගා රැසක් පිටාර ගැලීමේ අවදානමක් ද මතුව තිබෙන බවයි පැවසෙන්නේ.
කාලගුණ විද්‍යා කාර්යංශය අවධාරණය කර ඇත්තේ Flinders, Georgina, Paroo, Thomson, Barcoo සහ Warrego යන ගංගා මෙම ගංවතුර අවදානමට අයත් බවයි.
පවතින තත්වය මත පදනම්ව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ආර්ථික වශයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
මෙම ගංවතුර තත්වය 2019 වර්ෂයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වයඹදිග ප්‍රදේශවලට බලපෑ ගංවතුර තත්වයට සමාන විය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.