Search

අගමැති ඇල්බනීස්ට සහ පීටර් ඩට්න්ට විශේෂ ආරක්ෂාවක් ?

ඉදිරි ෆෙඩරල් මැතිවරණය ඉලක්ක කරගෙන අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්ගේ සහ විපක්ෂ නායක පීටර් ඩට්න්ගේ ආරක්ෂාව වැඩි කර තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ ඔවුන් දෙදෙනා සති පහක කාලසීමාවක් තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

ඊයේ (29) ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය කේන්ද්‍ර කරගෙන පැවති මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී නායකයින් දෙදෙනාටම විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඒ හේතුවෙන් දේශපාලන නායකයින් දෙදෙනාගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට පියවර ගෙන තිබෙන බවද සදහන්.

අද (30) නායකයින් දෙදෙනා සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ දෙවන දිනය ආරම්භ කර තිබීමද විශේෂත්වයක්.

මෙවර ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන්නේ මැයි මස 03 වනදායි.