Search

කොකේන් නිසා ඔස්ට්‍රේලියාව ශ්‍රේණිගත කිරීමකින් පෙරමුණට

කොකේන් සඳහා වීදි වටිනාකම (Street Price) අතින් ඔස්ට්‍රේලියාවට තුන්වන ස්ථානය හිමිව තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාල (UNODC) දත්ත වාර්තාව මත පදනම්වයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව තුළ කොකේන් ග්‍රෑම් 01 ක වීදි වටිනාකම (Street Price) ඩොලර් 263 ක් ලෙස සටහන් වී තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීමට අනුව කොකේන් ග්‍රෑම් 01 ක වැඩිම වීදි වටිනාකම සටහන් වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වන අතර එම අගය ඩොලර් 286 ක් වන බවයි දැක්වෙන්නේ.

සෞදි අරාබියේ කොකේන් ග්‍රෑම් 01 ක වීදි වටිනාකම සටහන් වී ඇත්තේ ඩොලර් 266 ක් ලෙසයි.

ඊට අමතරව ජපානය තුළ කොකේන් ග්‍රෑම් 01 ක වීදි වටිනාකම ඩොලර් 183 ක්.

මෙම වාර්තාවට අනුව කොකේන් ග්‍රෑම් 01 ක් සඳහා අඩුම මිල සටහන් ව ඇත්තේ බොලිවියාවේ වන වන අතර එම අගය ඩොලර් 06 ක් වන බවද වැඩිදුරටත් සදහන්.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »