Search

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම ෆෙඩරල් මැතිවරණය මෙවර ?

ඔස්ට්‍රේලියානු ඉතිහාසය තුළ මෙතෙක් පැවති විශාලතම ඡන්ද දායක සහභාගීත්වයෙන් යුත් ෆෙඩරල් මැතිවරණය මෙවර පැවැත්වෙනවා.

2022 වර්ෂයට සාපේක්ෂව මෙවර ඡන්ද හිමි නාමලේඛණයේ 710,000 ක පමණ වැඩි ඡන්ද දායකයන් සංඛ්‍යාවක් සිටින බවයි ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ.

ඒ අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට ලබන අප්‍රේල් මස 04 වනදා රාත්‍රී 8.00 ට පෙර මැතිවරණය සදහා ඡන්දය භාවිතා කිරීම වෙනුවෙන් ලියාපදිංචි විය හැකියි.

එලෙස ලියාපදිංචි වී ඡන්දය භාවිත නොකරන ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් 20 ක දඩයකට යටත් වීමට ද සිදු වනවා.

මෙවර මැතිවරණය සදහා ඡන්ද දායකයන් ලියාපදිංචි වීම ඉහළ අගයක පැවතීම සුභදායක කරුණක් බවයි ඔස්ට්‍රේලියා මැතිවරණ කොමිසමේ ප්‍රකාශක ඇලෙක්ස් මොරිස් වැඩිදුරටත් අවධාරණය කළේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »