සිඩ්නි නගරයෙන් දෙවන කොවිඩ් ආසාධිතයාද හඳුනාගනී – අද පස්වරු 05 සිට සීමා රැසක් – AusLanka TV – Australian News for the Sri Lankan community

සිඩ්නි නගරයෙන් දෙවන කොවිඩ් ආසාධිතයාද හඳුනාගනී – අද පස්වරු 05 සිට සීමා රැසක්

සිඩ්නි නගරයෙන් දෙවන කොවිඩ් ආසාධිතයාද හඳුනාගනී – අද පස්වරු 05 සිට සීමා රැසක්

සිඩ්නි නගරයෙන් දෙවන කොවිඩ් ආසාධිතයාද හඳුනාගැනීමත් සමග අද පස්වරු 05 සිට බලපැවැත්වෙන පරිදි සීමා කිහිපයක් පණවා තිබෙනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත ආණ්ඩුකාර Gladys Berejiklian නිවේදනය කලේ ලබන ඉරිදා දක්වා ඒවා බලාත්මක වන බවයි.

මේ අනුව කිසිදු නිවසක 20 දෙනෙකුට වඩා රැස්වීමට අවසර හිමිවන්නේ නැහැ.

ගෘහස්ථ කිසිදු අවස්ථාවක ගීත ගායනය හෝ නර්තන ක්‍රියාකාරකම් සඳහාද අවසර නොදෙනු ඇති.

උපරිම සීමාවන්ට යටත්ව විවාහ මංගල උත්සව සඳහා අවසර හිමිවනවා.

ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ පැළඳීමද අනිවාර්යයි.

වයෝවෘද්ධ පුද්ගලයන් බැලීම සඳහා එම නිවාසවලට පැමිණිය හැකි වනුයේ උපරිම දෙදෙනෙකුට පමණි.

COMMENTS