Search

වාර්තා අතරට ගිය ඔස්ට්‍රේලියාවේ පෙරපාසල් අධ්‍යාපනය

පසුගිය වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ පෙරපාසල් අධ්‍යාපනය සම්බන්ධ තොරතුරු ඇතුලත් නවතම දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

මෙම දත්ත වාර්තාව නිකුත් කර ඇත්තේ ඔස්ට්‍රේලියා සංඛ්‍යාලේඛන කාර්යංශය විසිනුයි.

ඒ අනුව 2024 වසරේදී පෙරපාසල් සඳහා ඇතුලත් කරන ලද වයස අවුරුදු 04 ත් 05 ත් අතර වයස් කාණ්ඩවල පසුවන දරුවන්ගේ සංඛ්‍යාව 341,568 ක් වනවා.

එය 2023 වර්ෂයට සාපේක්ෂව සියයට 1.3 ක වැඩි වීමක් බවයි මෙම දත්ත වාර්තාව ඔස්සේ අනාවරණය වී ඇත්තේ.

පෙරපාසල් සදහා ඇතුලත් කරන ලද දරුවන්ගෙන් සියයට 80 ක් පමණ වයස අවුරුදු 04 ක දරුවන් වීමද විශේෂත්වයක්.