Search

ලබන ජූලි 01 වනදා සිට ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන සහන

ලබන වර්ෂයේ ජූලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන බදු කප්පාදුව මත පදනම්ව ඔස්ට්‍රේලියානුවන්ට සහන ලැබෙන ක්ෂේත්‍ර පිළිබඳව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ හරහා සාමන්‍ය වශයෙන් බදු ගෙවන පුද්ගලයෙකුට වසරකට ඩොලර් 268 ක මුදලක් ඉතිරි කරගත හැකි වනු ඇති.

අදාළ සංශෝධන හරහා ඔස්ට්‍රේලියානුවන්ට සතියකට ඩොලර් 05 ක මුදලක් ද ඉතිරි කර ගැනීමට අවස්ථාව ඉදිරියේදී හිමි වනවා.

මෑත කාලයේදී නිකුත් වූ සංඛ්‍යාලේඛනවලට අනුව සාමාන්‍ය ඔස්ට්‍රේලියානු පවුලක් සතියකට සිල්ලර භාණ්ඩ සඳහා ඩොලර් 213.64 ක මුදලක් වැය කරන බවටයි අනාවරණය වී ඇත්තේ.

Kantar දත්‍ත වාර්තා හරහා පෙන්වා දී ඇත්තේ Netflix, Stan, Disney + සහ Apple TV වැනි Streaming සේවා සදහා ඔස්ට්‍රේලියානු පවුලක් ආසන්න වශයෙන් මාසිකව ඩොලර් 50 ක මුදලක් වැය කරනු ලබන බවයි.

මෙම ක්ෂේත්‍ර සදහා මෙන්ම බලශක්ති බිල්පත්, ප්‍රවාහනය සහ සංචාරක රක්ෂණ ඇතුලු ක්ෂේත්‍ර රැසකටම ඉදිරියේදී සහන හිමි වනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »