Search

UFO හැඩැති ගෙවල් ඉදිකර ගන්න ඔස්ට්‍රේලියානුවන්ටත් අවස්ථාවක්

හදුනා නොගත් පියාසර වස්තු හෙවත් UFO හැඩැති නිවාස ඉදි කර ගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාවක් උදාවී තිබෙනවා.

දැනටමත් මෙවැනි ගොඩනැගිලි 07 ක් ඔස්ට්‍රේලියාව පුරා පවතින අතර ඉන් එකක් ඇත්තේ ටස්මේනියා පැරණි කෞතුකාගාරයේයි.

පර්ත් නගරයේද මෙවැනි ඉදිකිරීම් කිහිපයක් නුදුරේදී ඉදිකිරීමට නියමිතව තිබෙනවා.

දැනට ඔස්ට්‍රේලියාවේ ඇති මෙවැනි ගොඩනැගිලිවලින් බහුතරයක් 1960 දශකයේ ෆින්ලන්ත ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන ලද ඒව වීම විශේෂත්වයක්.

ඉදිරියේදී ගොඩනැගෙන නව ඉදිකිරීම් සඳහා මේ වනවිට අභිලාෂ වාර්තා කැඳවා තිබීමද කැපී පෙනනවා.