
අධික වර්ෂාපතනය හමුවේ බටහිර ක්වින්ස්ලන්ඩ් හි ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
මේ වනවිට නිවාස සියයකට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශවාසීන් ගුවන් මගින් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යමින් සිටින බවද බලධාරීන් කියාසිටියා.

ආපදාවට පත්වූවන් වෙනුවෙන් පළාත් පාලන ආයතන වෙත අරමුදල් සපයා ඇති බවයි අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් බ්‍රිස්බන් හි අද පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේ.
මේ අතර කාලගුණ විද්‍යා කාර්යංශය අනතුරු අඟවන්නේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට තවදුරටත් වැසි ඇදහැලීමේ අවදානමක් පවතින බවයි.

ඒ හේතුවෙන් ප්‍රාන්තයේ ගංගා රැසක් සම්බන්ධයෙන්ද අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා.