Search

හෙදියක ලෙස සැරසී රෝහලක සේවය කළ ඔස්ට්‍රේලියානුවාට සිදුවූ දේ ?

හෙදියක ලෙස සැරසී ඇඩිලේඩ් රෝහලක සේවය කළ පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.

2023 වසරේ ජූනි මාසයේදී රාජකීය ඇඩිලේඩ් රෝහලේදී මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ වනවිට 26 හැවිරිදි වියේ පසුවන සැකකරුට එරෙහිව චෝදනා 09 ක් ගොනුකර තිබෙනවා.

පහරදීම සහ අනෙකුත් පුද්ගලයන්ට අගෞරව වන ආකාරයෙන් හැසිරීමද ඊට අයත්.

මොහු මෙම සියලු චෝදනා සදහා වරද පිළිගෙන ඇති බවයි ඇඩිලේඩ් අධිකරණය හමුවේ අනාවරණය වූයේ.

ඒ අනුව මීළඟ නඩුවාරයේදී මොහුට දඩුවම් හිමිවනු ඇති.