Zebra crossing එකක් වෙනුවෙන් සටන් වැද සිටින පුද්ගලයෙකු මෙල්බර්න් නුවරින්

සිය පුත්‍රයා ඉගෙනුම ලබන පාසල ඉදිරිපිට zebra crossing එකක් වෙනුවෙන් පළාත් පාලන බළධාරීන් සමග සටන් වැද සිටින පුද්ගලයෙකු පිලිබඳ පුවතක් මෙල්බර්න් නුවරින් වාර්තා වනවා.

Andrew Badge විසින් මෙම අරගලය ආරම්භ කලේ Ascot Vale හි පිහිටා ඇති St Mary’s Primary School පාසල ඉගෙනුම ලබන සිය පුත්‍රයා වන Jensen ඒ අසළදී මෝටර් රථයක ගැටීමෙන් අනතුරුවයි.

අනතුරුව ඔහු මේ සම්බන්ධයෙන් සිය පළාත් පාලන ආයතනය වන Moonee Valley Council වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.

එහෙත් මේ දක්වා ඔවුන් zebra crossing එකක් ලබාදී නැතැයි Andrew Badge චෝදනා කර සිටී.

තමාගේ මීලග සැලසුම වන්නේ පාසලේ සියලු දෙමව්පියන් එක්කර ගනිමින් පෙත්සමක් අත්සන් කිරීම බවද ඔහු පවසනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »