
වසර 50 කට ඉහතදී එවක දැරියන්ව සිටියදී අතුරුදන් වූ දෙදෙනෙකු සොයා දකුණු ඔස්ට්‍රේලියා බලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
1973 වර්ෂයේදී ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී මොවුන් අතුරුදන්ව තිබුණා.
ඒ වනවිට ඉන් එක් අයෙකු 11 හැවිරිදි වියෙහිත් අනිත් දැරියේ 4 හැවිරිදි වියෙහිත් පසුවූ බවයි බලධාරීන් සඳහන් කළේ.

මෙම අතුරුදන් වීම් පැහැරගෙන සිදුකළ පුද්ගල ඝාතන බවටද සැකයක් මතුවී තිබෙනවා.
කෙසේවෙතත් එය නිශ්චිතව මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

එවක දැරියන්ව සිටි ඔවුන් දෙදෙනාගේ ඥාතීන් විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි මෙම නව විමර්ශන ආරම්භ කර ඇත්තේ.