Search

ඊලොන් මස්ක්ගේ අලුත්ම පෙරළිය මෙන්න

ලොව ධනවත්ම ව්‍යාපාරිකයා ඊලෝන් මස්ක් සිය ව්‍යාපාරයන් හි නවතම පෙරළියක් සිදුකර තිබෙනවා.

ඒ සිය කෘතිම බුද්ධි සමාගමක් වන xAI සහ මීට පෙර ට්විටර් ලෙස හැඳින්වූ X සමාජ මාධ්‍ය ආයතන දෙක ඒකාබද්ධ කරමින්.

ඒ අනුව මෙම ආයතන දෙකෙහිම වටිනාකම ඩොලර් බිලියන 52.3 ක් බවයි ඊලෝන් මස්ක් සිය X ගිණුමෙන් දක්වා ඇත්තේ.

මෙම ඒකාබද්ධ කිරීමට ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදන සමාගම, ස්පේස් එක්ස් සහ AI ආකෘති පුහුණු කිරීමේ ග්රොක් සමාගම ද ඇතුලත් වනවා.

ඒ අනුව xAI හි වටිනාකම ඩොලර් බිලියන 127 ක් සහ X හි වටිනාකම ඩොලර් බිලියන 52.3 ක් බවයි ඔහු සිය X සටහනේ දක්වා ඇත්තේ.

එමෙන්ම X සමාජ මාධ්‍ය සඳහා ක්‍රියාශීලී පරිශීලකයින් මිලියන 600 ක්පමණ වන බව ඊලෝන් මස්ක් සිය X ගිණුමෙන් තවදුරටත් දන්වා සිටිනවා.