Search

වික්ටෝරියාවේ දුම්වැටි මිලෙහි වෙනසක් ?

වික්ටෝරියාවේ දුම්කොළ ව්‍යාපාරවල බලපත්‍ර ගාස්තු අඩුකරන්නැයි වෙළෙන්දන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

සෞඛ්‍ය අමාත්‍ය Mary-Anne Thomas පසුගියදා කියාසිටියේ වික්ටෝරියාවේ දුම්වැටි වෙළඳසැලක් සඳහා ඩොලර් 1100 ත් 1490 ත් අතර අයදුම්පත් සහ වාර්ෂික අලුත් කිරීමේ ගාස්තු අයකරන බවයි.

පසුගිය අයවැයෙන් නීති විරෝධී ලාභදායී දුම්වැටි මැඩලීම් වෙනුවෙන් දුම්වැටි සඳහා වන බද්ද අඩු කිරීමට රජය පියවර ගත්තා.

ඊට විරෝධය පළකරමින් වික්ටෝරියා වෙළඳ සැල් හිමියන් පවසන්නේ නීති විරෝධී දුම්වැටි මැඩලීමේ රජයේ ව්‍යාපෘතියට තමන් සහය නොදක්වන බවයි.

ඔවුන් යෝජනා කරන්නේ එම ගාස්තුව ක්වින්ස්ලන්ඩ් හි මෙන් ඩොලර් 500 දක්වා අඩු කරන ලෙසයි.

නමුත් වික්ටෝරියා රජය පවසන්නේ බලපත්‍ර ගාස්තුව අසාමාන්‍ය ලෙස පහළ දැමීමෙන් කුඩා ව්‍යාපාරවලට බලපෑම් ඇති විය හැකි බවයි.

මේ වනවිට දුම්කොළ බලපත්‍ර ගාස්තුව ක්වින්ස්ලන් හි ඩොලර් 474 ක්, දකුණු ඔස්ට්‍රේලියාවේ ඩොලර් 340 ක්, බටහිර ඔස්ට්‍රේලියාවේ ඩොලර් 278 ක් සහ උතුරු කලාපයේ ඩොලර් 282 ක් ලෙසයි වාර්තා වන්නේ.

පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයේදී ලෝක නායකයින් කථාබහක

අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයේදී ඊයේ කෙටි වේලාවකට හමුව තිබෙනවා.

Read More »

දුම්පානයෙන් මිදෙන්න සූදනම් පිරිසක්

ස්පිනිෆෙක්ස් මිනිසා දශකයක් තිස්සේ පර්ත් සිට කිලෝමීටර් 1,300 ක් නැගෙනහිරින් පිහිටි ටියුන්ට්ජුන්ට්ජාරා හි දුරස්ථ ප්‍රජාවේ සෞඛ්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කර ඇත.

Read More »

අවසන් ගමනේදී පාප් වහන්සේ කියා දුන් – අනුකම්පාවේ පණිවිඩය

සිය දේහය වතිකාන සීමාව තුළ මිහිදන් නොකිරීමට තීරණය කිරීමෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සියවසකට අධික සම්ප්‍රදායක් බිඳ දමා ඇත.

Read More »