
මෙල්බන් හි සත්ව රෝහලක් පූසන් වෙනුවෙන් අපූරු වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ බළලුන් සහ පූස් පැටවුන්ට screen නැරඹීමට අවස්ථාව ලබාදෙමින්.
එමගින් ඔවුන්ට මානසික ආතතිය නැතිකිරීමට මෙන්ම පහසුවෙන් සමාජගත කිරීම ද සිදුවන බවයි මෙල්බන් Lort Smith සත්ව රෝහල පවසන්නේ.

වැඩසහටන සඳහා එම රෝහලේ Campbellfield adoption සත්ව මධ්‍යස්ථානයේ බළලුන් 50 ක් පමණ යොදාගෙන තිබෙනවා.
එහිදී එම සත්වයින්ට iPads සහ රූපවාහිනි වැඩසටහන් යොදාගෙන අත්හදා බැලීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එමගින් මෙම adoption බළලුන් ඉතා ප්‍රීතිමත්ව කාර්ය මණ්ඩලය සමග කටයුතු කරන බවටයි හඳුනාගෙන ඇත්තේ.
බළලුන් වැඩි කැමැත්තක් දක්වන්නේ කුරුල්ලන් සහ මාළුන් නැරඹීමට බව Campbellfield adoption සත්ව මධ්‍යස්ථානය කියාසිටියා.
කෙසේවෙතත් මෙල්බන් විශ්ව විද්‍යාල පර්යේෂකයෙකු පවසන්නේ බළලුන්, බල්ලන් මෙන් ස්ක්‍රීන් කෙරෙහි උනන්දුවක් නොදක්වන නමුත් මෙම ක්‍රමය බළලුන්ට පාරිසරික ආකර්ෂණයක් ලබාදෙනු ඇති බවයි.